LESSONS

කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන අංශවල බාලදක්ෂයින්ගේ දැනුම ප්‍රවර්ධනය සඳහා පාඩම් මාලාව.

(දැනට මෙය සියළුම පදක්කම් මට්ටම් වල අය සඳහා පොදුවේ පාඩම් ඇතුලත් කලද ඉදිරියේදී වෙන් වෙන් වශයෙන් පදක්කමට අදාල පාඩම් වෙන වෙනම ලබා ගැනීමට හැකි වන පරිදි සකස් කිරීමට නියමිතයි)


සාමාජික පදක්කම - පාඩම් අංක 01



01   බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය

  • බාලදක්ෂ පොරොන්දුව සහ බාලදක්ෂ නීතිය දැනගෙන එය මතකයෙන් කියවා බාලදක්ෂ නායකයාට එදනෙදා ජීවිතයේ බාලදක්ෂ පොරොන්දුවට අනුව ජීවත් වන බව පෙන්වන්න.
  • බාලදක්ෂ පොගරාන්දුව ලබා ගැනීමේදී කුමක් කළ යුතු දැයි දැන ගන්න.
  • බාලදක්ෂ පොරොන්දුව බාලදක්ෂ ව්‍යාපාරයේ පදනම බව තේරුම් ගන්න.


ඔබ ඔබේ ආගමට ඔබේ යුතුකම ඉටු කරන්නෙව කෙසේද?

ඔබේ ආගම හා නමස්කාරය දිනපතා විශ්වාස කරන්න.

ඔගේ දෙමාපියන් / භාරකරු සමඟ ඔබ ප‍්‍රදේයශය හා බැදුනු ඔබගේ

ආගමික මධ්‍යස්ථානය ගැන සැලකිලිමත් වී නියමිත අවශ්‍යතා ඉටු කරන්න

(ඔබේ පන්සල / පල්ලිය / කෝවිල් )

ඔබේ දෙමාපියන් සමඟ ඔබගේ ආගමික පූජකවරුන් ගැන සැලකිලිමත්

වන්න, / ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බලන්න / සහාය ලබා දෙන්න.

ඔබගේ කාණ්ඩය, ඔබේ දෙමාපියන්, භාරකරුවන් / මිතුරන් සමඟ අවශ්‍ය

අවස්ථාවන්හිදී ආගමික උත්සව සංවිධානය කිරීමට උදව් වන්න.


ඔබ ඔබේ රට වෙනතෙවන් ඔබේ යුතුකම කරන්නේ කෙසේද?

උගත්, විචාරවත් පුරවැසිගයකු වන්න.

ඔබේ රටේ සහ ඔබේ සමාජයේ නීතියට / සම්ප‍්‍රදායන්ට ගරු කරන්න. ඔගේ රටේ වෙනත් ආගම්වලට / ජාතිකත්වයන්ට ගරු කරන්න.

ඔබගේ පවුලට / ගමට / සමායයට / රටට අවශ්‍ය වටිනා පුද්යගලයකු වන්න

නිගරෝගී /  විනයගරුක  පුද්යලයෙකු වන්න.


ඔබ සෑම විට ම අනෙක් අයට උදව් කරන්නේ කෙසේද?

සෑම විට ම අනෙක් අයගේ සතුට ගැන සිතන්න.

දිනකට අවම වශයෙන් එක් හොඳ වැඩක් කිරීමට උත්සාහ කරන්න. (ඔබ

කළ යහපත් වැඩ ගැන සටහන් කිරීමට පොතක් පවත්වා ගන්න.* බාලදක්ෂ නීතිය සහ පොරොන්දුව යටතේ කළ හැකි ඔගේ මිතුරු / වැඩිහිටි ඉල්ලීම ප‍්‍රතික්ගෂ්ප නොකරන්න.

ඔගේ කාණ්ඩය / කණ්ඩායම සමඟ විවිධ වර්ගයේ ප‍්‍රජා / සමාජ

සංවර්ධන ව්‍යාපෘති සංවිධානය කර ක‍්‍රියාත්මක කරන්න.

බාලදක්ෂ නීතියට ඔබ කීකරු වන්නේ කෙසේද?

බාලදක්ෂයෙකු ලෙස ඔබ බාලදක්ෂ නීතියට අවනත විය යුතු ය.

ඔබේ කාණ්ඩයේ සිටින ඔබේ සාමාජිකයින්ට කිසිදු ලේඛනයක් භාවිතා

නොකර බාලදක්ෂ නීතිය මතකගයන් කීමට ඉගෙන ගන්න.

නීතියේ එක් එක් කොටස තේරුම් ගැනීමට උත්සාහ කර එය ඔබගේ

එදනෙදා ජීවිතයට අදාළ කර ගන්න.

බාලදක්ෂ නීතියේ වැදගත්කම ඔගේ මිතුරන්ට පහදා දෙන්න. 


බාලදක්ෂ නීතිය

01.* බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.

02.* බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.

03.* බාලදක්ෂයා හිතවත්ව උමව් කරන්නෙකි.

04.* බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.

05.* බාලදක්ෂයා ධෛර්ය සම්පන්න අයෙකි.

06.* බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.

07.* බාලදක්ෂයා සහයෝගයෙන් ක‍්‍රියා කරන්නෙකි.

08.* බාලදක්ෂයා සොම්නස් සහගත අයෙකි.

09.* බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.

10.* බාලදක්ෂයා සිත, කය, වචනයෙන් පිරිසිදු අයෙකි.

01. බාලදක්ෂයා වශ්වාස කටයුතු අයෙකි.


1.ඔබ වශ්වාස කටයුතු බාලදක්ෂයෙකු වන්නේ කෙසේද? 

බාලදක්ෂයින් සත්‍ය පවසන අතර ඔවුන් පොරොන්දු ඉටු කරති. අවංක කම ඔවුන්ගේ චර්යා ධර්ම පද්යධතියේ කොටසකි.

මිනිසුන්ට ඔවුන් මත යැගපන්න පුළුවන.

බාලදක්ෂ නිලධාරියෙක් බාලදක්ෂයෙකුට ”මෙය ඉටුකරන්න, ඔබගේ

ගෞරවය ගැන මම විශ්වාස කරමි” යනුවෙන් පැවසුව හොත් එය වගකීමෙන් ඉටුකරන්න.

බාලදක්ෂයකු ලෙස ඔබ ඔබේ පවුල / ඥාතීන් / මිතුරන් / පාසල /

සමාජය / රට / සමඟ විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට කටයුතු කරන්න.

ඔබගේ හැකියාවෙන් උපරිම ලෙස කටයුතු කිරීමට ඔබ බැඳී සිටින අතර,

එසේ කිරීමට ඔබට කිසිවක් බාධාවක් නොවනු ඇත.

(කණ්ඩායම් රැස්වීමේදී ඔබගේ කාණ්ඩගේ සාමාජිකයන් සමඟ ගම් පිළිබද සුදුසු අවස්ථාවක සාකච්ඡුා කරන්න*

අභ්‍යාස

ඔබේ කාණ්ඩයේ සිටින සාමාජිකයින්ට විශ්වාසනීයත්වයේ වටිනාකම පැහැදලි කරන්න.

මිනිත්තු 4 ක් තුළ විශ්වාසනීයත්වයේ සාරධර්ම ඉස්මතු කිරීමට ඔබේ

කාණ්ඩයේ සාමාජිකයන් සමඟ රංගනයක් ඉදරිපත් කරන්න. (ඊළඟ

කාණ්ඩ රැස්වීමේදී.*


02. බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.

ඔබ පක්ෂපාතී බාලදක්ෂයෙකු වන්නේ කෙසේද?

ඔබ ඔබේ පවුල, සමාජය, පාසල සහ රට සමඟ පක්ෂපාතී විය යුතු ය. ඔබ වැඩිහිටියෙකු වූ විට, ඔබ ඔගේ රටේ සහ ඔගේ සේවා යෝජකයන්ගේ ව්‍යවස්ථාවට සහ නීතියට පක්ෂපාත විය යුතු ය’

කණ්ඩායම් රැස්වීමේ දී ඔබගේ කාණ්ඩය සාමාජිකයන් සමඟ සාකච්ඡුා කරන්න 

අභ්‍යාස

මිනිත්තු 4 ක් තුළ පක්ෂපාතීත්වයේ සාරධර්ම ඉස්මතු කිරීමට ඔබේකාණ්ඩයේ සාමාජිකයන් සමඟ රංගනයක් ඉදරිපත් කරන්න. (ඊළඟ කාණ්ඩ රැස්වීමේදී)


03. බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි.

ඔබ හිතවත්ව උදව් කරන්නේ කෙසේද?

බාලදක්ෂයින් සියල්ලන්ට ම මිතුරෙකි. ඔවුන් වෙනත් බාලදක්ෂයන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක විය හැකිය.

ඔවුන් අන් අයව තේරුම් ගැනීමට උත්සාහ කරයි.

තමන්ගේ අදහස් හැර වෙනත් අදහස් හා සිරිත් විරිත් ඇති අයට ඔවුහු ගරු කරති.

ඔබේ සතුට, සැනසීම හෝ ආරක්ෂාව අත්හැර දැමුවද, වෙනත්  ඕනෑම

දෙයකට පෙර ඔබ ඔගේ යුතුකම කළ යුතු ය.

කළ යුතු කාරණා දෙකකින් එකක් දැන ගැනීමට අපහසු වූ විට, ”මගේ

යුතුකම කුමක්ද?” එනම්, ”අනෙක් පුද්යගලයින්ට වඩාත් සුදුසු වන්නේ කුමක්ද?” එය කරන්න,

ඔබ  ඕනෑම වේලාවක ජීවිතයක් බේරා ගැනීමට හෝ තුවාල වූවන්ට

උපකාර කිරීමට හෝ සූදානම් විය යුතු ය.

ඔබ සෑම දිනකම යමෙකු වෙත හොඳ සේවයක් කළ යුතු ය.

බාලදක්ෂයින් අනෙක් පුද්යගලයින් ගැන සැලකිලිමත් වේ. ඔවුන් අන් අය

වෙනුවෙන් කැමැත්තෙන් දේවල් කරන්නේ වැටුපක් නොමැතිව ය.

අභ්‍යාස

මිනිත්තු 4 ක් තුළ මිත‍්‍රශීලී උදව් කිරීමේ සාරධර්ම ඉස්මතු කිරීමට

ඔබේකාණ්ඩයේ සාමාජිකයන් සමඟ රංගනයක් ඉදරිපත් කරන්න. (ඊළඟ කාණ්ඩ රැස්වීමේදී.)


04. බාලදක්ෂයා සෑම බාලදක්ෂයකුගේම සහෝදරයකි

අනෙක් බාලදක්ෂයන්ට ඔබ සහෝදරයෙක් වන්නේ කෙසේද?

ඔවුන් වෙනත් බාලදක්ෂයන්ගේ සගහෝදරයෙක් හෝ සහෝදරියක් විය හැකිය.

ඔබ ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ කරයි.

තමන්ගේ අදහස් හැර වෙනත් අයගේ අදහස් හා සිරිත් විරිත් වලට ගරු කරයි.

බාලදක්ෂයා සියල්ලන්ට ම මිතුරෙකි.

කණ්ඩායම් රැස්වීමේ දී ඔබගේ කාණ්ඩය සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න)

අභ්‍යාස

මිනිත්තු 4 ක් තුළ බාලදක්ෂයින් අතර සහෝදරත්වයේ සාරධර්ම ඉස්මතු

කිරීමට ඔබේකාණ්ඩයේ සාමාජිකයන් සමඟ රංගනයක් ඉදරිපත් කරන්න.

(ඊළඟ කාණ්ඩ රැස්වීමේදී.)


05. බාලදක්ෂයා ධෛර්ය සම්පන්න අයෙකි.

ඔබ ධෛර්ය සම්න්න බාලදක්ෂයෙකු වන්නේ කෙසේද?

ඔබ කුමක් කාර්්‍යයක යෙදුනත්, කුමක් කළත් බාධක ඇතිවී ගමන දුෂ්කර වන විට, එම දුෂ්කරතා මඟහරවා ගැනීමට ඔබ දිරිමත්ව, පසුනොබසින වීර්යයෙන් යුතුව උපරිම උත්සාහයක් ගත යුතුය.

කණ්ඩායම් රැස්වීමේදී ඔබගේ කාණ්ඩය සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න

අභ්‍යාස

කාණ්ඩයේ සාමාජිකයින්ට ”බාලදක්ෂයෙක් ධෛර්ය සම්පන්නයි” යනුවෙන් විනාඩි 3ක කතාවක් කරන්න. (ඊළඟ කාණ්ඩ රැස්වීමේදී*

පළමු බාලදක්ෂ නීති 5 ඔබේ කාණ්ඩ නායකයාට නොකඩවා කටපාඩමින් කියන්න


06. බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.

ඔබ කාරුණික බාලදක්ෂයෙකු වන්නේ කෙසේද?

බාලදක්ෂයින් මෙයින් තේරුම් ගන්නේ මෘදු වීමට ශක්තියක් ඇති බව ය. ඔවුන් අන් අයට සලකන්නේ ඔවුන්ට සැලකීමට අවශ්‍ය ආකාරයටමය. ඔවුන් හේතුවක් නොමැතිව හානිකර දේ වලට යොමු නොවේ

කිසිවෙකුට හානියක් නොකරයි

බාලදක්ෂයින් සියළු සතුන්ට කරුණාවන්ත විය යුතු ය

(කණ්ඩායම් රැස්වීමේ දී ඔබගේ කාණ්ඩය සාමාජිකයන් සමඟ මේ ගැන සාකච්ඡුා කරන්න*

අභ්‍යාස

මිනිත්තු 4 ක් තුළ බාලදක්ෂයින් අතර කරුණාවේ සාරධර්ම ඉස්මතු

කිරීමට ඔබේකාණ්ඩයේ සාමාජිකයන් සමඟ රංගනයක් ඉදරිපත් කරන්න.

(ඊළඟ කාණ්ඩ රැස්වීමේදී.) කරුණාවේ වැදගත්කම ගැන වචන 100 කින් යුත් ලිපියක් ඔබේ

කාණ්ඩයේ දැන්වීම් පුවරුවටට ලියන්න


07. බාලදක්ෂයා සහයෝගයෙන් ක‍්‍රියා කරන්නෙකි.

ඔබ සහතයොගතේන්ව ක‍්‍රියො කරන්වතන්ව තකතස්ද?

බාලදක්ෂයින් පොදු අරමුණක් කරා වැඩ කිරීමේ දී අන්‍යොන්‍ය සහාය ලබා ගනී.

”සෑම සාමාජිකයෙක්ම කාණ්ඩයේ කාර්්‍යයන් පැහැදලිව නිර්වචනය කර ඇත”

ඔගේ කාණ්ඩය / කාණ්ඩයම / සමාජය සහ ඔබේ පවුල සමඟ සැමවිට ම සහයෝගයෙන් කටයුතු කරන්න. 

අභ්‍යාස

(කණ්ඩායම් රැස්වීමේ දී ඔබගේ කාණ්ඩය සාමාජිකයන් සමඟ මෙය සාකච්ඡා කරන්න)

”සමගිය බලය වේ” යන කියමන මෙම බාලදක්ෂ නීතියට ගලපාගන්න.


08. බාලදක්ෂයා සොම්නස්සහගත අයෙකි.

ඔබ සතුටු සිතින් සිටින්නේ කෙසේද?

ජීවිතගේ දප්්තිමත් පැත්ත සොයා බලන්න.

ඔබේ ජිවන ගමනේදී මුහුණ දෙන  ඕනෑ ම කාර්්‍යයක් සතුටු සිතින් කරන්න. සතුටු වීමට අන් අයට උදව් කිරීමට උත්සාහ කරන්න.

හදවතින් ම සොමිනස් සහගත වන්න.


කණ්ඩායම් රැස්ත‍්‍රවීගම් දී ඔබගේ කාණ්ඩගේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න)

අභ්‍යාස

ඔබේ කණ්ඩායම් රැස්වීමේදී ඔබගේ කාණ්ඩ සාමාජිකයින්ට”බාලදක්ෂයෙක්

සතුටු සිතින් කටයතුු කරයි” විනාඩි 3 ක කතාවක් කරන්න.


09. බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.

ඔබ සකසුරුවම් වන්නේ කෙසේද?

බාලදක්ෂයා තමාට කළ හැකි පමණින් මුදල් ඉතිරි කර බැංකුවේ තැන්පත් කරයි.

මේ නිසා අවශ්‍ය හදිසි කාර්යයක දී තමාට ගැනීමට මුදල් තිබිය හැකි

අතර එමඟින් තමා අන් අයට බරක් නොවනු ඇත.

නැතහොත් අන් අයට අවශ්‍ය වූ විට වගකීමෙන් එ්වා ලබා දීමට ඔහුට මුදල් තිබිය හැකි ය.

බාලදක්ෂයා සැමවිටම කාලය, ධනය හා සම්පත් අපතේ නොහරියි. අභ්‍යාස

කණ්ඩායම් රැස්වීමේ දී ඔබගේ කාණ්ඩයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න


10. බාලදක්ෂයා සිත, කය, වචනයෙන් පිරිසදුු අයෙකි

ඔබ සිත, කය, වචනනය පිරිසිදුව පවත්වාගන්නේ කෙසේද?

බාලදක්ෂයින් ඔවුන්ගේ සිත, කය, වචනය පිරිසිදුව තබා ගනියි.

මම පරමාදර්ශයන් අනුව ජීවත් වීම විශ්වාස කරණ අය සමඟ ඔවුහු ගමන් කරති.

ඔවුන් තම නිවස සහ ප‍්‍රජාව පිරිසිදුව තබා ගැනීමට උදව් කරයි. ඔබ කතා කිරීමට පෙර දෙවරක් සිතන්න. විචාර භූද්යධියෙන් යුතුව

සිතීමට, කතා කිරීමට හෝ  ඕනෑම දෙයක් කිරීමට බාලදක්ෂයින් සමත් විය යුතුයි.

සිත දියුනු කර පාලනය කර ගනිමින් කය හා වචනය පරිසිදුව පරිහරනයට පුරුදු වන්න. 


අභ්‍යාස

ඔබේ කාණ්ඩයේ සාමාජිකයින්ට ”බාලදක්ෂයෙක් සිතුවිල්ලෙන්, වචනයෙන් සහ ක‍්‍රියාවෙන් පිරිසිදුයි” යනුවෙන් විනාඩි 3 ක කතාවක් කරන්න. බාලදක්ෂ නීති 10 ම ඔබ කාණ්ඩයේ සාමාජිකයන් ඉදරියේ ඔබේ කාණ්ඩයයේ නායකයාට මතකයෙන් නොකඩවා කියන්න .

අවම වශයෙන් නීති 2 ක් තෝරාගෙන රචනයක් ලියන්න.


සාමාජික පදක්කම - පාඩම් අංක 02

ජාතික ගීය.








සාමාජික පදක්කම - පාඩම් අංක 03

බාලදක්ෂ ලාංඡනය සහ ආචාර විධි










බාලදක්ෂ ප්‍රධානය - පාඩම් අංක 01

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාස   (මෙතනින් ඔබට පාඩම PDF ලෙස භාගත කරගත හැක) 



ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 වසරේ දී  මාතලේ ක්‍රිස්තු දේව විදයාලයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය හා ආදිකතෘ දිනය ලෙස ජුනි 01 දා සලකනු ලැබේ. 



එෆ්.ජී. ස්ටීවන්සන් මහතා
(ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ)

 

1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5 කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. එය සදහා ඔහු තම ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ විදුහල්පති ඩී. ඇල්ප්‍රඩ් ජයසිංහ මහතා සමග ද සාකච්ඡා කොට නියම කරගත් දිනක දී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් අමතා බේඩන් පවල් සාමිවරයා හා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව තමා දන්නා අන්දමින් කරුණු ඉදිරිපත් කරමින් දේශණයක් ද පවත්වනු ලැබිණ. මෙම දේශණයෙන් පසු පාසලේ සිසුන් තුළ මෙන්ම  ආචාර්ය මණ්ඩලය තුළ ද බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව උනන්දුවක් ඇති වූ බව පාසල් ඉතිහාසයෙහි වාර්තා වී තිබේ. එම දේශණාවෙන් ඔද වැඩුණු සිංහල, දෙමළ, මුස්ලිම් හා  බර්ගර්  ජාතික සිසුන් 07 දෙනෙකු ජාති ආගම් භේදයෙන් තොර ව මෙතෙක් කිසිවෙකුත් නොදත් මෙම නව වැඩසටහනට ඇතුලත්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඇත. තම්බෝ නඩරාජා, පීටර් බෝලින්, ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී.කපුවත්ත, ඒ.එම්. හමීඩ්, එම්. සහබ්ඩීන් සහ ජෝන් කරුණාරත්න යන සිසුන් 07දෙනා මෙම පිරිසට අයත් විය. ලංකාවේ ප්‍රථම බාලදක්ෂයින් ලෙස  බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ රෝපණය කිරීමේ මුල් පියවර මෙසේ ආරම්භ විය.

         

ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම
මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම

 එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. මුල් බාලදක්ෂ කණ්ඩායමට එවකට රජයේ හා යුධ නිලධරයන් බොහෝ ගණනකගේ සහය ලැබුණ බව පැරණි වාර්තා වල දැක්වේ. 1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු හෙයින් එතැන් සිට ක්‍රිස්තුදේව විද්‍යාලයට එතුමාගේ සේවය අහිමි විය. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248ක් සිටි බව සංගණන වාර්තා වල සදහන් වේ. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය. 

ස්ටීවන්ස් මහතා බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ.
ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතාද, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා ඇතුළු කීර්තිමත් බාලදක්ෂයින් විශාල ප්‍රමාණයක් මෙම ලංකාවේ පළමු බාලදක්ෂ කණ්ඩායම විසින් දැයට දායාද කර ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද පසු ව The Ceylon Scout නමින් ප්‍රථම නිල පුවත්පත නිකුත් කිරීමට ද එතුමාට හැකි විය. මෙම පුවත්පත් මඟින් මෙන් ම අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී. එ්.ආර්. හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ. ටී. ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ ද ජේසු නිකායික ගරු සී. රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස පරීක්ෂක සී. ටී. සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ. 1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. සුදු රාජාලියායන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි.                                                                             .

කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය  මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය. මේ වන විටත් යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ අතර යුද සේවය නිමා වූ වහා ම ලංකාවට පැමිණ යළි බාලදක්ෂ කටයුතු කෙරෙහි අවධානය යොමු කළේ ය. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් රිදී වෘකයාසම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. නවවසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස් ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට පැමිණියේ ය. ඒ් වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසු බිම බෙහෙවින් වෙනස් වී තිබිණ. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටත්විජිත කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ අතර බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. පසුව මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතිත්වයට පත්විය. මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන කොමසාරිස් වශයෙන් ද පත් කරන ලැබිණ. ඒ් අනුව ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය. කෙසේ හෝ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී  එෆ්.ජී.ස්ටීවන්ස් මහතා එම කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි අතර එය විද්‍යාලීය බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා කතා කිරීමට ද එතුමාට අවස්ථාව ලබා දී ඇති බව ය.                                                                                 . 

ශ්‍රී ලාංකීය ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ. මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ ය.         .

රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය. 

---------------------------------------------------------------------------------------------------------------

*බාලදක්ෂ සමූහයක සමූහ ලේකම්ගේ කාර්යභාරය*


1. සමූහ සාමාජික ලේඛණය පවත්වාගෙන යාම.
මෙහි දැනට සිටින සියළුම බාලදක්ෂයින්ගේ නම, උපන්දිනය, කණ්ඩායමට ඇතුලත්වූ දිනය, සටහන් විය යුතුය. අනෙකුත් තොරතුරු අවශ්‍යතාවය මත සටහන් කර ගැනීම ප්‍රයෝජනවත් විය හැක.

2. පැමිණීමේ ලේඛණය පවත්වාගෙන යාම.
සෑම පුහුණු සැසියකදීම නාම ලේඛනය ලකුණු කිරීම, පැමිණීමේ සාරාංශ වාර්තාව සකස් කිරීම.

3. වාර්ෂික සැලැස්ම සකස් කිරීමට සහය ලබා දීම, එහි පිටපතක් තමා සතුව තබා ගැනීම.

4. සමූහ ලොග් පොත භාරව කටයුතු කිරීම, එහි යාවත්කාලීන කිරීම් සිදුකිරීම, සියළු වැදගත් තොරතුරු සමූහ ලොග් පොතේ සටහන් කිරීම.

5. සමූහය වෙත ලැබෙන ලිපි සුරක්ෂිතව තබා ගැනීම සහ සමූහ වෙතින් පිටතට යවන ලිපි වල පිටපත් සහිත ගොනුවක් පවත්වා ගෙන යාම.

6. සමූහය වෙතින් පිටතට යැවෙන ලිපි සැකසීම සහ ඒවා අදාල අංශ වෙත යොමු කිරීම. 

7. සමූහය විසින් සංවිධානය කරනු ලබන කඳවුරු, විවිධ වැඩසටහන් ආදිය සඳහා අවශ්‍ය ලිපි ලේඛණ කටයුතු සිදු කිරීම හා ඒවා සුරක්ෂිතව තබා ගැනීම.

8. සමූහය භාරයේ ඇති සියළු ලිපි ගොනු භාරව කටයුතු කිරීම සහ ඒවා සුරක්ෂිතව තබා ගැනීම.

9. සියළුම බාලදක්ෂයන්ගේ ප්‍රගතිය විමසිය හැකි ලේඛනයක් බාලදක්ෂ ගෘහයේ පවත්වාගෙන යාම.

10. වසර අවසානයේ සමූහ ඡායාරූපය ලබා ගැනීමට කටයුතු සංවිධානය කිරීම.


සැකසුම - රුක්මන් ගුණසේකර (බාලදක්ෂ නායක)

No comments:

Post a Comment