Monday, September 12, 2022

 

2022-09-09 දින සිට 2022-09-10 දක්වා පැවති බාලදක්ෂ පුහුණු කදවුරේ විශේෂ අවස්ථා.









Saturday, August 27, 2022

2022-08-19 දින සිට 21 දින දක්වා හික්කඩුව සුමංගල විද්‍යාලයේදී පැවැති කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වූ අපේ බාලදක්ෂයෝ.



Saturday, August 13, 2022

ඇමරිකා එක්සත් ජනපදයේ ඊගල් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයෙක් සහ බාලදක්ෂිකාවක් අපේ පුහුණු සැසියට සහභාගී වෙයි...

ඇමරිකා එක්සත් ජනපදයේ ඊගල් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයෙක්  සහ බාලදක්ෂිකාවක් 2022 අගෝස්තු මස 11 වන දින මහින්ද විදුහල පරිශ්‍රයේ  දී පැවති  පුහුණු සැසියට සහභාගී වෙමින් ඔවුන්ගේ අත්දැකීම් අප බාලදක්ෂයින් සමග බෙදා ගත්තා. 












ඇමරිකා එක්සත් ජනපදයේ ඊගල් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයෙක්  සහ බාලදක්ෂිකාවක් 2022 අගෝස්තු මස 11 වන දින මහින්ද විදුහල පරිශ්‍රයේ  දී පැවති  පුහුණු සැසියට සහභාගී වෙමින් ඔවුන්ගේ අත්දැකීම් අප බාලදක්ෂයින් සමග බෙදා ගත්තා. 



අගෝස්තු මස 11 වන දින පැවති විශේෂ පුහුණු වැඩසටහන

2022-08-11  දින අප සමූහයේ බාලදක්ෂයන් වෙනුවෙන් පවත්වන ලද පිහිණුම් පුහුණු වැඩසටහන. පිහිණුම් පුහුණු උපදේශක අතුල සේනාරත්න මහතා විසින් මෙහෙය වන ලද අතර  බාලදක්ෂයින් 60 ක් පමණ පුහුණුව ලබා ගන්නා ලදී. 











Wednesday, August 10, 2022

 


 බාලදක්ෂයින්ගේ දෙමාපියන් වෙතයි.

ලෝක ව්‍යාප්ත බාලදක්ෂ ව්‍යාපාරයේ කොටස්කරුවෙකු වීමට ඔබටත් අවස්ථාවක් ඇත.  ඔබ කුමන වෘතියක යෙදී සිටියත් බාලදක්ෂ නායකයකු ලෙස බාලදක්ෂයින් පුහුණු කිරීම සඳහා ඔබටත් සම්බන්ධ විය හැක.  ඒ සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් අගෝස්තු මස 27, 28 යන දෙදින තුල දී මහින්ද විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත මේ සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංකය අමතා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.


මංජුල වීරසිංහ
සමූහ බාලදක්ෂ නායක
0722789109

Sunday, August 7, 2022

නවක බාලදක්ෂයින් ඔබගේ නිල ඇඳුම

පහත පරිදි සකස් කරගන්න


ඔබගේ බාලදක්ෂ නිල ඇඳුම ඉහත පරිදි සකස් කරගන්න.

ඇතැම් දෙමාපියන්ට මේ දිනවල ආර්ථික අපහසුතා ඇති බැවින් දෙමාපියන්ට නිල ඇඳුම අත්‍යාවශ බව පවසා කරදර කිරීමෙන් වලකින්න. ආථික අපහසුතා ඇති දරුවන්ට නිල ඇඳුම් ලබා දීමට වැඩ පිළිවෙලක් අප විසින් සංවිධානය කර ඇති බැවින් ඔබට ආර්ථික අපහසුතා ඇත්නම් ඒ බව ලිඛිතව බාලදක්ෂ නායකතුමා වෙත දැනුම් දෙන්න. ඔබ දැනටමත් බාලදක්ෂයෙක් නම් ඔබගේ නිල ඇඳුම ඔබට ප්‍රමාණවත් නොවේනම් එය සමූහයේ වෙනත් කුඩා බාලදක්ෂයෙක් වෙත එය පිරිනමන්න. එය ඔබ කරන උතුම් කියාවකි.  ඔබ නිල ඇඳුම් ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් පුහුණු කටයුතු පැවැත්වෙන දිනයේදී කණඩායම් නායක වෙත භාරදෙන්න.


Saturday, August 6, 2022

 කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව 2022



කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව ගාලු දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබයි. මෙය අගෝස්තු මස 19,20,21 යන දිනවලදී හික්කඩුව සුමංගල විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා සහභාගීවීමට අපේක්ෂිත බාලදක්ෂයින් සමූහ බාලදක්ෂ නායකතුමා අමතා සහභාගීත්වය තහවුරු කරන්න.

Thursday, August 4, 2022

මිහිඳු බාලදක්ෂ සයිකල් සවාරිය 2022

 මිහිඳු බාලදක්ෂ සයිකල් සවාරිය 2022



මිහිඳු බාලදක්ෂයින්ගේ එලිමහන් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සහ ගවේශන හැකියා ප්‍රවර්ධනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන බයිසිකල් සවාරිය මෙවර කොට්ටව රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වීමට සමූහය විසින් සංවිධානය කර ඇත. මෙමගින් දරුවන් පාපාදිය වෙත හුරු කිරීමෙන් රටේ පවතින ඉන්ධන අර්බුධය සඳහා සුළු හෝ විසඳුමක් වීමටත් ගෝලිය උණුසුම වැඩිවීමට ප්‍රධාන සාධකයක්ව පවතින වාහන දුම් විමෝචන ක්‍රියාදාමය පහල හෙලීමට දායක වීමත් අප බාලදක්ෂයින්ගේ පරමාර්ථයයි.


විශේෂ බාලදක්ෂ පුහුණු කඳවුර

 විශේෂ බාලදක්ෂ පුහුණු කඳවුර 2022

 2022-08-10 වන දින ප.ව.2.00 සිට 11වන (පොහොය දින) දින ප.ව. 3.30 දක්වා 

මහින්ද විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා සියළුම බාලදක්ෂයින්ගේ පැමිණීම අපේක්ෂාකෙරේ,  10 වන දින දිවා ආහාරය රැගෙන පැමිණිය යුතු අතර එදින රාත්‍රී සහ පසුදින උදේ /දවල් ආහාරය කඳවුර මගින් සපයනු ලැබේ. කඳවුරු ගාස්තුව රු 500/= ක් වන අතර මේ සමග ඇති දෙමාපිය අවසර පත්‍රය පුරවා 05-08-2022 දිනට පෙර කඳවුරු ගාස්තු සමග බාලදක්ෂ ආචාර්ය අජිත් රවීන්ද්‍ර මහතාට භාරදෙන ලෙස දන්වමි.  මෙදින වැඩසටහන් අතර පුරෝගාමී ක්‍රියාකාරකම් පුහුණුව, ජීවිතාරක්ෂක පිහිනුම් පුහුණුව, ප්‍රථමාධාර පුහුණු වැඩසටහන, සහ පදක්ම් සමත් කිරීම සිදුකරන බැවින් සැමගේ පැමිණීම ඔබට ඉතා වැදගත්වේ.  කඳවුර පිළිබඳ වැඩි විස්තර 0718137088 හෝ 0714167580 අමතා ලබා ගන්න.

මංජුල වීරසිංහ

සමූහ බාලදක්ෂ නායක